වළාකුළු වලට ඉහළින් බැඳී කඳවුර - බෙල්වුඩ්
හන්තානේ කඳු අතරින් පාරාදීසයට
බෙල්වුඩ් කියන්නේ ඇත්තටම තාම වැඩිය කට්ටියක් දන්නේ නැති පැත්තක් . ඇත්තටම අපිත් මේ ගැන දැන ගත්තේ අපේ ඔනාල් ගේ පේජ් එකෙන් Onal's Travel Notes .
2019 අප්‍රේල් මාසේ 20 අපි සෙට් එක මේ ගමන් යන්න සෙට් කර ගන්නේ අලුතෙන් ගත්ත කුඩාරම ටෙස්ට් කරන්නත් එක්කම කියලා හිතාගෙන.
නුවර ඉස්ටේෂම කියන්නේ ලංකාවේ travel කරන ඕන කෙනෙක්ට උදව් කරන තැනක් . බස් එකේ නුවරට ආපු අපි වොශ්රුම් යන්න ආවේ නුවර ඉස්ටේසම ට . ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේ තියෙන පිරිසිදු කම එච්චරටම හොදයි . කලින් පොස්ට් එකක කිව්වා වගේ හොඳ මට්ටමේ Public Washroom ලංකාවේ නැති එක ඇත්තටම ලොකු අඩු පාඩුවක්.
කොහොම හරි උදේ කෑම එකත් ස්ටේෂන් කාපු අපි , නුවර මාර්කට් එකේ ඇවිදලා උයන්න ඕන බඩුයි, අනිත් පොඩි පොඩි දේවල් ටිකත් අරගෙන උදේ 10.10 ට ශ්‍රියාගම හරහා යන බස් එක අල්ල ගත්තේ බෙල්වුඩ් වලට එන්න .
තලාතුඔය හරහා බස් එක බෙල්වුඩ් හන්දියට එන්න අපිට පැයකට ආසන්න කාලයක් ගියා. එදා බෙල්වුඩ් වල කිරිමැටිය ශ්‍රී මුත්තුඅම්මාරි දේවස්ථානයේ තේරු මංගල්‍යය නිසා බෙල්වුඩ් හංදියේ සූප් දන්සලකුත් තිබ්බා .
එතනින් බඩ පිරෙන්න සුප් කෝප්ප දෙක තුනකුත් බීලා අපි සුප්‍රසිද්ධ ගලහා තිරිවාණා නිධිය බලන්න පිටත් වුණා . බෙල්වුඩ් හංදියේ තිබ්බ කඩෙන් බෑග් ටික තියලා ගියපු හිංදා ගමන එච්චර අමාරු උණේ නෑ.
මෙචචර කල් පොල් ගෑවද ? .....
නෑ කොරෝනා දවස් හින්දා ගෙවතු වගා කළා , ගෝටා ස ට රට හදන්න උපදෙස් දුන්නා .. ඒකයි ලියන්න බැරි උනේ .. 😏....
එතනින් බඩ පිරෙන්න සුප් කෝප්ප දෙක තුනකුත් බීලා අපි සුප්‍රසිද්ධ ගලහා තිරිවාණා නිධිය බලන්න පිටත් වුණා . බෙල්වුඩ් හංදියේ තිබ්බ කඩෙන් බෑග් ටික තියලා ගියපු හිංදා ගමන එච්චර අමාරු උණේ නෑ.
![]() |
| ගලහ තිරිවාණා නිධිය. Galaha Quartz Quarry |
ගලහා තිරිවාණා නිධිය බලලා අපි ආපහු බෙල්වුඩ් හංදියට ආවේ බෑග් තියලා ගිය හන්දියේ කඩෙන් දවල්ට කාලා අපේ ගමනාන්තය උන මුතුකෙළින වැව ගාවට යන්න . ගලහා තිරිවාණා නිධිය බලන්න යන්න අදහසක් නැත්නම් හොදම දේ බෙල්වුඩ් හංදියට එන්නේ නැතුව ඊට කලින් හම්බ වෙන මුතුකෙලින වැවට යන පාර ගාවින් බහින එක .
හන්දියෙන් කතා කර ගත්තු ත්‍රීවිල් දෙකක නැගලා අපිට මුතුකෙළින ජලාශය ලගට එන්න පුළුවන් උණා. මතක විදිහට රුපියල් 500 ක වගේ ගාස්තුවක් අපෙන් ගත්තේ .. බෙල්වුඩ් වල ඉදන් මුතුකෙලින වැව ගාවට තියෙන කිලෝමීටර් 5 ට රුපියල් 500 ක් කියන්නේ තරමක වැඩි ගණනක් උනත් මේ වගේ ගමන් වලදී ඔය රුපියල් සීයක දෙසීයක ලාභය බලන එක බොරු වැඩක් . මොකෝ uber තියෙන එකක් යෑ ..
![]() |
| මුතුකෙළින වැව |
============================
ඔය උඩ තිබ්බ ටික ලිව්වේ 2019 සැප්තැම්බර් 2 😮.. අද 2020 අප්‍රේල් 27. මෙචචර කල් පොල් ගෑවද ? .....
නෑ කොරෝනා දවස් හින්දා ගෙවතු වගා කළා , ගෝටා ස ට රට හදන්න උපදෙස් දුන්නා .. ඒකයි ලියන්න බැරි උනේ .. 😏....
හරි බං එල
============================
============================
කොහොම හරි මුතුකෙලින වැව ගාවින් මීටර් 100 ක් විතර උඩට ආවාම බෙල්වුඩ් විව් පොයින්ට් එකට එන්න පුළුවන් ..
කන්ද උඩ ටෙන්ට් එක අටෝ ගත්තට පස්සේ ඊළඟ අවුල උනේ වතුර.. කන්ද උඩ වතුර නෑ .. වතුර ගෙන්න බෝතලයක් වත් නෑ .. ඔය උඩ පළාත් වල තියෙනවා වතුර ගෙනියන්න හොඳ කෑන් ජාතියක් ,.. රුපියල් 75 ක් වගේ වෙන්නේ .. අපි සාමාන්‍යයෙන් කරන්නේ ඔය පැතිවලින් ඒ ජාතියේ කෑන් එකක් ගන්න එක .. මෙහෙ ඉදන් උස්සන් යනවට වඩා ලේසියි වගේම ආපහු එද්දී කාට හරි ගමේ මනුස්සයෙකුට දීලා එන්නත් පුළුවන් .
![]() |
| ඔය එල්ලලා තියෙන්නේ ඒ කෑන් තමා .. ලොකු එක සීයයි පොඩි එක හැත්තෑපහයි |
අනිත් එවුන්ට දර හොයන්න කියලා මායි බිසානයයි ආපහු ගමට පල්ලම් බැස්සා.
නොසෑහෙන කට්ටක් කාලා ගමෙන් වතුර බෝතල් ටිකක් සෙට් කරගත්තා .. ඌරු කොටු ගානෙත් රිංගන්න උනා කෑන් එකක් හොයන්න ..
වතුර ටික සෙට් කරන් වැස්සට කලින් ආපහු එන්න පුළුවන් උණා..
රෑට පැස්ටා හැදුවේ ..
චෙෆ් නාගොඩ විසින් පැස්ටා (ඌ නම් කියන්නේ පස්ටා කියලා ) හදපු විදිහ තමා ඔය පහල වීඩියෝ එකේ තියෙන්නේ .. ඇත්තටම කුඩය අල්ලමින් මන් ඔවුන්ට දැක්වූ සහයෝගය ඔවුන් අදටත් සිහිකරන්නේ මහත් ගෞරවයකින් ..
කාලා ඉවර වෙද්දීම වැස්සක් කඩාපාත් උනා .. ටෙන්ට් එක ඇතුලට ගිය අපි එහෙන්මම ඇලට් එකක් දැම්මා .. ආපහු ඇහැරෙද්දි රෑ 9 ට විතර ඇති..
නොසෑහෙන කට්ටක් කාලා ගමෙන් වතුර බෝතල් ටිකක් සෙට් කරගත්තා .. ඌරු කොටු ගානෙත් රිංගන්න උනා කෑන් එකක් හොයන්න ..
වතුර ටික සෙට් කරන් වැස්සට කලින් ආපහු එන්න පුළුවන් උණා..
![]() |
| වැස්ස |
කාලා ඉවර වෙද්දීම වැස්සක් කඩාපාත් උනා .. ටෙන්ට් එක ඇතුලට ගිය අපි එහෙන්මම ඇලට් එකක් දැම්මා .. ආපහු ඇහැරෙද්දි රෑ 9 ට විතර ඇති..
පහලින් පල්ලේකැලේ , දිගන, අධිකාරිගම පැත්තෙන් කෝටි ගානක ලයිට් එලි පෙන්න තිබ්බා. අපි ඉන්න තැනට පෙනුනේ හරියට ලයිට් ගඟක් ගලනවා වගේ .. අපි අතේ තිබ්බ මේ Noika 1100 ෆෝන් වලින් හරියට ඒක කැප්චර් කර ගන්න විදිහක් තිබ්බේ නෑ.. මැරෙන්නද ඉතිං.. ඕන යටිබඩක් කියලා ගැහුවා සාස්පාන් පියනෙන් සිංදුවක්.
බෙල්වුඩ් ලස්සන උදේ ට . පහල ෆොටෝ ටික බලන්න
![]() |
| ඈතින් පෙන්නේ හුන්න්සගිරිය සහ නකල්ස් කඳු පහළ මීදුමෙන් වැහිලා තියෙන්නේ පල්ලෙකැලේ , දිගන , මැදගම, අදිකාරිගම පැත්ත. |
![]() |
අපි කැම්ප් කලේ 2019 අප්‍රේල් 20. පහු වෙනිදා උදේ 21 අපි ආපහු නුවරට ආවේ පාස්කු ප්‍රහාරයේ නිව්ස් එකත් එක්ක ..
10 වෙද්දී නුවරට ආවත් කොළඹ යන බස් එකක් අල්ල ගන්න උනේ නෑ 12 වෙනකම්.. පට්ට සෙනගක්.. පැය දෙකක් පෝලිමේ..
අන්තිමට මාතර යන සුපර් ලක්ෂරි බස් එකක් තිබිලා ඒකෙ කඩවතට එමු කියලා නැග්ගා.
ජිවිතේ මෑත කාලේදී ගත්ත හොඳම තීරණේ ඒක කියලා තේරුණේ එදා තිබ්බ ඒ ට්‍රැෆික් එකේ පැය 5 ක් තිස්සේ කොළඹ එද්දී . නෝමල් එකක ආවා නම් අනාතයි .
![]() |
| කොළඹ බලා |
2020 අවුරුද්දේ මාර්තු 17 වෙනිදා ආපහු බෙල්වුඩ් යන්න ප්ලෑන් කරන් හිටියත්, මේ කොහෙන්ද මන්දා වල්ගා තරුවකින් ආපු කොරෝනා කේස් එක හින්දා වැඩේ දින නියමයක් නොමැතිව කල් ගියා ..
මේ පහලින් තියෙන්නේ බෙල්වුඩ් ගමනේ Travel Documentary එක
මෙම සටහන කියවන කවුරුන් හෝ මතු යම් දිනෙක මෙම ප්‍රදේශ වල සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒවායේ පිහිටීම පිළිබඳ විස්තර පහතින් දක්වා ඇත
හන්තාන තේ කෞතුකාගාරය
ගලහ තිරුවානා නිධිය
මුතුකෙලින වැව සහ නැරඹුම් ස්ථානය














Comments
Post a Comment