වළාකුළු වලට ඉහළින් බැඳී කඳවුර - බෙල්වුඩ්
හන්තානේ කඳු අතරින් පාරාදීසයට බෙල්වුඩ් කියන්නේ ඇත්තටම තාම වැඩිය කට්ටියක් දන්නේ නැති පැත්තක් . ඇත්තටම අපිත් මේ ගැන දැන ගත්තේ අපේ ඔනාල් ගේ පේජ් එකෙන් Onal's Travel Notes . 2019 අප්‍රේල් මාසේ 20 අපි සෙට් එක මේ ගමන් යන්න සෙට් කර ගන්නේ අලුතෙන් ගත්ත කුඩාරම ටෙස්ට් කරන්නත් එක්කම කියලා හිතාගෙන. නුවර ඉස්ටේෂම කියන්නේ ලංකාවේ travel කරන ඕන කෙනෙක්ට උදව් කරන තැනක් . බස් එකේ නුවරට ආපු අපි වොශ්රුම් යන්න ආවේ නුවර ඉස්ටේසම ට . ගුඩ් ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකේ තියෙන පිරිසිදු කම එච්චරටම හොදයි . කලින් පොස්ට් එකක කිව්වා වගේ හොඳ මට්ටමේ Public Washroom ලංකාවේ නැති එක ඇත්තටම ලොකු අඩු පාඩුවක්. කොහොම හරි උදේ කෑම එකත් ස්ටේෂන් කාපු අපි , නුවර මාර්කට් එකේ ඇවිදලා උයන්න ඕන බඩුයි, අනිත් පොඩි පොඩි දේවල් ටිකත් අරගෙන උදේ 10.10 ට ශ්‍රියාගම හරහා යන බස් එක අල්ල ගත්තේ බෙල්වුඩ් වලට එන්න . මහනුවර- බෙල්වුඩ් බස් රථය තලාතුඔය හරහා බස් එක බෙල්වුඩ් හන්දියට එන්න අපිට පැයකට ආසන්න කාලයක් ගියා. එදා බෙල්වු...