රිදී විල් තෙර නවාතැන
දෙසැම්බර් කියන්නේ නුවරඑළියට සීතලම මාසය. වැස්සත් එක්කම. හිරිගඩු පිපෙන සීතලත්, එහා මෙහා නොපෙනෙන මීදුමත් එක්ක විල් තෙරක කඳවුරු ගත කරනවා කියන්නේ වෙනමම ආතල් එකක් .
අපේ ගමනාන්තය වෙලා තිබුණේ නුවරඑළිය මීපිලිමාන කන්දේ ඇළ කඳවුරු භුමිය. ඉන්ටර්නෙට් එකේ පොඩි සර්ච් එකක් දැම්මහම පෙනුනේ කඳවුරු භුමිය අවසර සහිතව යායුතු තැනක් විදිහට.
අපේ සදීපයා එතන තිබ්බ නොම්මරේ ට කෝල් කළාම උන් කියලා තිබ්බේ කඳවුරැ භූමිය වෙන්කරන්න රුපියල් 3000 ක් විතර ගෙවන්න වෙනවා කියලා. ඌ එත් කිව්වා කතා කරපු එවුන් ආණ්ඩුවේ එවුන් වෙන්න බෑ මුන් සල්ලි යටි මඩි ගහනවා වෙන්න ඇති බන් කියලා. කොහොම උණත් සදිපයා වැඩේ coordinate කරලා ගොඩ දාලා තිබ්බා.
එත් අන්තිම මොහොතේ මොකක් හරි මරාලයක් සෙට් වෙලා ඌට එන්න විදිහක් නැතුව ගියා.
කොහොමත් එකෙකුට එන්න බැරි උණා කියලා ප්ලෑන් කරපු ගමනක් නොයා ඉන්න සිරිතක් අපේ නෑ. එන්නේ කවුද උනුත් එක්ක ගියා.... දාලා ගිය එකත් ගිය වෙලේ ඉදං අපිට හෙණ ඉල්ල ඉල්ලා හිටියත් , අනී උන් මාව දාලා ගියා.. මගේ මරණේටවත් උන් එපා කියලා ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරලා දාන පැපොල් ඇට ලොන්තයෝ ජාතියේ එවුං නොවෙන හින්දා කාටවත් අවුලක් නෑ.. නැතනම් ඉතින් අපිට කියන්න වෙන්නේ අපිත් හුගක් ට්‍රිප් ගියා කටිං කියලා තමා..
කොහොම හරි 2018 දෙසැම්බර් 21 රෑ අපේ ගෙදරට කට්ටිය සෙට් වෙලා කොටුවෙන් රෑ 1 ට තිබ්බ බදුල්ල CTB බස් එකේ අපි නුවරඑළියට ආවා. (ගෙදර ඉදන් කොටුවට ඇවිත් එතන ඉදන් නුවරඑළියට වෙනකං වෙච්ච අටමගල් එකක්වත් මේක කියවන එවුන්ට තියා උන්ගේ බල්ලෙකුටවත් වැඩක් නෑ කියලා දන්නවා 😐)
අපි නුවරඑළියෙන් බැස්සේ පාන්දර හයට විතර වර්ෂාවකුත් එක්කම. ඔෆ් සීසන් එකත් පාන්දරත් නිසාම නුවරඑළිය ටවුන් එකේ වැඩි සෙනගක් නෑ.
![]() |
| නුවරඑළියේ හිස් වූ විදී Source : Isuru Deminda |
![]() |
| සෙට් එක |
කාලා ඉවර වෙලා නුවරඑළියෙන් මීපිලිමාන බස් එක තියෙන වෙලාව හොයලා බලද්දී දැනගත්තේ ඊළග බස් එක තියෙන්නේ උදේ 10 ට කියලා. වෙලාව කන්නත් එක්ක අවශ්‍ය අඩුම කුඩුම ටික අරගෙන ග්‍රෙගරි වැව පැත්තෙත් රවුමක් දාලා ආපහු බස් ස්ටෑන්ඩ් එකට ආවේ ශරීර කෘත්‍ය කර ගන්නත් එක්ක. එත් එතන තිබ්බ පිරිසිදු කමට ඒකත් රිවස් උනා .. 😣
කොහොමත් ලංකාවේ හුගක් තැන් වල තියෙන ෆුල් අවුලක් මේක. Public Toilet ප්‍රශ්නේ.. විශේෂයෙන් නුවරඑළිය වගේ සංචාරක පුරවරයක. දැන් ලෝකේ ට්‍රෙන්ඩ් එක බැක්පැකින් . සුද්දෝ උනත් ඉස්සර වගේ ලොකු හොටෙල් බුක් කරලා ඇවිත් ආතල් අරන් යන්න එන්නේ නෑ.. උනුත් එන්නේ අපි වගේ සෝටයි බාටයි දාගෙන අඩු වියදමින් වැඩි තැන් ටිකක් බලලා යන්න. එතකොට ඉතින් ඔය වැඩේට හොටෙල් බුක් කර කර ඉන්න බෑ නේ . ඉතින් මේ Public Toilet ප්‍රශ්නේ ඉක්මනින්ම විසදිය යුතු දෙයක්.
![]() ලංකාවේ පොදු වැසිකිළියක් |
| Source : http://www.sundaytimes.lk/170205/news/passengers-hold-their-noses-at-racist-incompetent-railway-227286.html |
![]() |
| හිස් වූ ග්‍රෙගරි උද්‍යානය Source : Isuru Deminda |
![]() |
| ග්‍රෙගරි වැව අසබඩ |
නුවරඑළියෙන් උදේ 10ට තිබ්බ බස් එකේ මීපිලිමාන බස් එකේ කන්දේ ඇළ අසලටම එන්න පුළුවන් කම තිබ්බත් අපි මගක් දුරට ඇවිත් බස් එකෙන් බැහැලා පයින්ම යන්න තීරණය කලේ අපිට වෙලාව ඉතුරු වී තිබීමත් මගතොට ලස්සන බලන්න තිබ්බ ආශාවත් හින්දා..
උදේ 11 වෙද්දී කන්දේ ඇල අසළට ආපු අපිට ඉතුරු උනේ කලින් කතා කර ගත්ත විදිහට බෝට්ටුවෙන් කඳවුරු භූමියට යන්න. නුවරඑළියේ ආපු තව නඩ කිහිපයක්ම හිටපු හින්දා අපිට උනේ තණකොළ ගොල්ලේ අපතයෝ ටිකක් වගේ බුදිය ගෙන ඉන්න.
![]() |
| අපතයෝ |
අරුන් බෝට්ටුවෙන් අපිව ගෙනියන වැඩේ කල් දාන බව තේරුණ හින්දාත් කැම්ප් සයිට් එකට ගියත් අපිට කරන්න ලොකු දෙයක් නැති හින්දත් අපි එතන කඩෙන් රොටි එක්ක කෝපි පාරක් ගහලා හතර දෙනාත් එක්ක රවුමක් ඇවිදින්න ගියේ කරන්නම දෙයක් නැති හින්දා ..
කන්දේ ඇළ පාරේ අඹේවෙල පැත්තට ගිහින් තිබ්බත් කවදාවත් නොදැකපු දෙයක් දැක්කේ ඒ පයින් ඇවිදන් ගිය ගමනේදි.
කන්දේ ඇළ අධ්‍යාපනික වනෝද්‍යානය
| කන්දේ ඇළ අධ්‍යාපනික වනෝද්‍යානය - පිවිසුම Source : Google Maps Street View |
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරිපාලන වන කන්දේ ඇළ අධ්‍යාපනික වනෝද්‍යානය ඇත්තටම කඳුකර පරිසරය ගැන අධ්‍යනයක් ආරම්භ කරන්නෙකුට හොද ස්ථානයක්.
වනෝද්‍යානයේ රවුමක් ගහලා ඉවර වෙද්දීම වගේ කඩා වැටුණු මහා වැස්සට හොදටම තෙමුණු අපිට මතක් උනේ කෝ යකෝ රෑට උයන්න දර කියලා. එක හිත හිත එද්දී ගේට්ටුව ළඟ මෙන්න බොලේ කෙල්ලෝ පදින ස්කුටියක දර පුරවපු බෑග් එකක් තියෙනවා..
ඔය උඩ තියෙන entrance එකේ ෆොටෝ එක ටිකක් පරණ ෆොටෝ එකක්. දැන් තියෙන්නේ ස්ලැබ් එකක් දාපු entrance එකක්. ඒක යට තමා ස්කුටිය නවත්තලා තිබ්බේ. ස්කුටිය එතන බලා ගන්න ඉන්න ටිකට් දුන්න නංගි ගේ.
අපිත් ඉතින් වැස්ස පායනකම් ඒ සුදු නංගිත් එක්ක කතාවකට වැටුණා. අපේ හිතක් පපුවක් නැති හැතිකරේ අර නංගි සුමුදු මුදු දෙපා වෙහෙසෙනකම් ඇවිදලා එකතු කරපු දර ටික ඉල්ලමුද ඇහුවේ මගේ විරෝදත්වය පයිසෙකට මායිම් නොකර. ඇත්තටම මං හිටියේ සීතලට ගල් වෙලා බඩගින්නේ මැරුණත් ඒ සුදු නංගි දුක් විඳලා සුමුදු මුදු දෙපා වල කටු ඇණි ඇණි එකතු කරපු දර ටික ගන්නේ නෑමයි කියන මතයේ.. ඉතින් මා ප්‍රිය හිතෝතුනි තිදෙනෙක් එරෙහිව නැගී සිටිද්දී මගේ මතයෙන් ඇති ඵලය කීම. ?
සුදු නංගිත් එක්ක අපේ වෙච්ච ඉතුරු දේවල් මන් ඉස්සරහට කියන්නේ නැත්තේ මේක කියවලා එතනට යන එවුං වනෝද්යානය බලලා එන්නේ නැතුව අනිවාර්යයෙන් ඒ නංගිට ටෝක් එක දාන බව දන්න නිසාමයි.
මගේ හිත ඒ පිවිසුම ලග තියලා එද්දී , ඒ අසරණී ගේ දර මල්ලත් උස්සගත් අපේ හිතක් පපුවක් නැති එවුන් ආපහු කන්දේ ඇළට ආවේ දැන්වත් බෝට්ටු කාරයින් ගේ මරිසි වලින් බේරිලා එගොඩට යන්න හිතා ගෙන.
ඇත්තටම එතන බෝට්ටු සර්විස් එකෙන් වෙන්නේ මාෆියාවක්. එත් කාගෙවත් ජොබ් එකක් නැති කරන්න ඔනී නැති හින්දත්, එහෙම නැතුව ඒ සර්විස් එක ගන්න වෙන විදිහක් නැති හින්දත් ඒ ගැන විස්තර ලියන්නේ නෑ.
ඒකෙන් මේකෙන් අපි බෝට්ටුවෙන් අපි කඳවුරු භූමියට එනකොට කළුවර වැටෙන්න ඔන්න මෙන්න..
![]() |
| බෝට්ටුවෙන් කඳවුරු භූමියට Source : Isuru Deminda |
වර්ෂාවත් අඳුරත් නිසා දර සොයා ගැනීමට බැරි උනත් සුදු නංගීගේ දර ටික නිසා එදා රෑ අපිට බඩ ගින්නේ ඉන්න උණේ නෑ ... දර ඉල්ලන්න එපා කීමේ වරදට මට උණේ මුන්ගෙන් බැනුම් අහ අහා තනියම දර හොයන්න..
කඳු මුදුන් වැසීගෙන ගෙන එන මීදුමත් රිදී පාට විල් තෙරත් අතර අටෝ ගත්ත නිල්පාට කුඩාරමේත් දසුණ ඇත්තටම චිත්‍රයක් වගේ.
![]() |
| රිදී විල් තෙර නවාතැන |
කුඩාරමත් අටවගත්තට පස්සේ කෑම උයාගන්න ළිපක් බැඳගන්න ගල් තුනක් හොයා ගන්න බැරි උන හින්දා අපි කරත්ත කරුවාගේ උදුණ ලෙස හැඳින්වෙන පහත උදුන ආධාරයෙන් නුඩ්ල්ස් ටිකක් හදා ගත්තා.
යාන්තම් නුඩ්ල්ස් තම්බ ගෙන ඉවර වෙනකොට ආපහු ධාරාණිපාත වැස්සක් කඩා වැටෙන්න උන හින්දා අපි කුඩාරම ඇතුළෙම කෑම කාලා නින්දට වැටුණා. සීතල දෙසැම්බරයේ නුවරඑළියේ විලක් අද්දර මහා වරුසාවක් මැද්දේ කුඩාරමක ඉන්නකොට දැනෙන සීතල ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයකුත් නැහැ.
වැස්සේ සැර වැඩි කමට කුඩාරම ඇතුළට වතුර ආපු හිංදා වරින් වර අපිට ඇහැරුණත් ඒ ගැන එච්චර හිතුවේ නැත්තේ කඳවුරු ජීවිතය අපිට නුපුරුදු දෙයක් නොවුණු නිසා.
විලේ ඔහේ පාවී පාවී තිබුණ බෝට්ටුවක තිබ්බ සාදයේ හඩකුත් අපිට පාන්දර වෙනකං ම ඇහුණා. එකත් අර බෝට්ටු සර්විස් එකෙන් දෙන තව සර්විස් එකක්.
දීර්ඝ අයිස් මෙන් සීතල රාත්‍රිය අවසන් උණේ වචනයෙන් විස්තර කළ නොහැකි අලංකෘත හිරු උදාවක් සමගින්.
![]() |
| හිරැ සඳු එකවර දෙපස නැඟී.. Source : Isuru Deminda |
![]() |
| උසින් 15 වන ස්ථානය ගන්න Conical Hill Elevation: 2,166 m |
![]() |
| Add caption |
![]() |
| විල්තෙරක් අද්දර හිරු උදාව |
![]() |
![]() |
| ටයිමර් එක හරියට තියා ගන්න බැරි උණාම.. |
පුංචි වීඩියෝවක්
සම්පුර්ණ ගමන් විස්තරය බිෂාන් ගේ කැමරාවෙන්...


















Comments
Post a Comment