වන ගැබ තුළ චාරිකා - පෙරවදනක්
කදු තරණයට හා කඳවුරු බැඳීම මුලින්ම පටන් ගන්නේ 2005 දී බාලදක්ෂයෙකු ලෙස මාතලේ විල්ෂයර් කන්ද තරණය කිරීමෙන් උනත් ඒ ගමන් සටහන් ලියා තැබීමට ඕනෑකමක් මේ වෙනකම් මට තිබුනේ නැහැ .. 2011 න් පස්සේ නම් ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දෙකක් දැම්මත් ඒ කිසිදු ගමනක හෝ කඳවුරු බැඳීමක සවිස්තරාත්මක විස්තරයක් දැනටත් මගේ ළග නැහැ . ලැපට කෙල උනාට පස්සේ ෆේස්බුක් දාපු ෆොටෝස් වලට අමතරව 2018 වෙනකං ගිය එක ට්‍රිප් එකකවත් ෆොටෝස් මං ගාව නැහැ. කොහොම උනත් පහුගිය සහ ඉස්සරහට යන ගමන් ගැන බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ මේ දවස් වල ඔලුවට ආපු නේපාල් ගමන ගැන හිත හිත හොය හොය ඉන්නකොට අන්තර්ජාලයෙන් හම්බ වුනු සහ අපිත් එක්ක කැම්පින් සහ ගමන් කිහිපයකට එකතුවුනු චතුරංග ගේ බ්ලොග් එකේ තිබ්බ නේපාල ගමන් සටහන් ටික කියවද්දී .. ඔය රතු ශර්ට් එක ඇදලා ඉන්නේ චතුරංගයා .. බලතුඩුව හයික් එකේ දී ගත්ත ෆොටෝ එකක් චතුරංග ගේ බ්ලොග : අන්සතු දිනපොත http://ansathudinapotha.blogspot.com/ කවදා හරි තව එකෙකුට මොනා හරි මගුලකට මේකේ තියෙන තොරතුරක් හෝ මග සලකුණක් වැදගත් වෙයි කියලා හිතන හින්දා මම මේ බ්ල...