වන ගැබ තුළ චාරිකා - පෙරවදනක්

කදු තරණයට හා කඳවුරු බැඳීම මුලින්ම පටන් ගන්නේ 2005 දී බාලදක්ෂයෙකු ලෙස මාතලේ විල්ෂයර් කන්ද තරණය කිරීමෙන් උනත් ඒ ගමන් සටහන් ලියා තැබීමට ඕනෑකමක් මේ වෙනකම් මට තිබුනේ නැහැ .. 2011 න් පස්සේ නම් ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දෙකක් දැම්මත් ඒ කිසිදු ගමනක හෝ කඳවුරු බැඳීමක සවිස්තරාත්මක විස්තරයක් දැනටත් මගේ ළග නැහැ . 

ලැපට කෙල උනාට පස්සේ ෆේස්බුක් දාපු ෆොටෝස් වලට අමතරව 2018 වෙනකං ගිය එක ට්‍රිප් එකකවත් ෆොටෝස් මං ගාව නැහැ. 

කොහොම උනත් පහුගිය සහ ඉස්සරහට යන ගමන් ගැන බ්ලොග් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ මේ දවස් වල ඔලුවට ආපු නේපාල් ගමන ගැන හිත හිත හොය හොය ඉන්නකොට අන්තර්ජාලයෙන් හම්බ වුනු සහ අපිත් එක්ක කැම්පින් සහ ගමන් කිහිපයකට එකතුවුනු චතුරංග ගේ බ්ලොග් එකේ තිබ්බ නේපාල ගමන් සටහන් ටික කියවද්දී .. 

ඔය රතු ශර්ට් එක ඇදලා ඉන්නේ චතුරංගයා ..
බලතුඩුව හයික් එකේ දී ගත්ත ෆොටෝ එකක්   


කවදා හරි තව එකෙකුට මොනා හරි මගුලකට මේකේ තියෙන තොරතුරක් හෝ මග සලකුණක් වැදගත් වෙයි කියලා හිතන හින්දා මම මේ බ්ලොග් එක ලියනවා. 

මං කරන හැම වැඩක්ම කොහොමත් සෝඩා බෝතලේ කැඩුවා වගේ හින්දා කොහොමත් මේක කොච්චර කල් ලියයි ද කියලත් දන්නේ නෑ ඉතින් . සමහරවිට මෙකත් පළවෙනි හා අවසන් පොස්ටුව වෙන්නත් පුළුවන්. 

කියන්න අමතක උණා මේ බ්ලොග් එකට වන ගැබ තුළ චාරිකා කියන නම යොදා ගන්න හේතුව පොඩි කාලේ අපි ඉස්කෝලේ සිංහල පොතෙන් කියවපු ඒ.පී.ඒ. ගුණසේකර මහත්තයා විසින් රචනා කරපු හොරව්පතානේ පළවෙනි ඩියාරෝ කියන පොතෙන් උපුටා ගෙන පළ කර තිබු වන ගැබ තුල චාරිකා කියන පරිච්‍⁣ඡේදයට තිබු ආසාව හින්දා..

නොකියවපු කෙනෙක් වන ගැබ තුල චාරිකා මේ ලින්ක් එකෙන් කියවන්න පුළුවන්. 


හොරොව්පතානේ පළවෙනි ඩියාරෝ පොතත් මේ ලඟදි අලුතෙන් ප්‍රින්ට් වුන හින්දා ආපහු කියවන්න ලැබුණා .  grantha.lk එකේ තනුජා අක්කාට ස්තුති කරන්න ඕනේ මට පොතක් රිසර්ව් කරලා ගෙදරටම එවපු හින්දා..



කැමති කෙනෙක් ඉන්නවා මේ ලින්ක් එකෙන් ග්‍රන්ථ එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. 


ඉතිං , වලාකුළු වලට ඉහළ සීත කඳු මුදුන් මත , ඝණ කැලෑ , රිදී පාට විල් අසබඩ විටෙක බඩගින්නෙත් වැස්සට තෙමිගෙනත් තවත් වෙලාවක  ගිණි මැලයක පහසත් සමග තාලයක් නොමැති සින්දු කියපු හැටිත් පාළු  රාත්‍රී තැපැල් දුම්රියන් වල කෝපි බොමින් බිම් ගෙවල් තුළින් හු කියමින් ගමන් කල ඒ නොස්ල්ජිචැක් මතකයන් අන්තර්ජාලයේ සටහන් කරමි.  

සුභ ගමන් 

Comments

Popular posts from this blog

රිදී විල් තෙර නවාතැන

වළාකුළු වලට ඉහළින් බැඳී කඳවුර - බෙල්වුඩ්